Tuesday, April 30, 2013

නැතේ අද මගේ ලඟ රත්තරන් මවු තුමිය.

සටනකිය නොනිමුවුන දිවි කතර අතර තුර..
දිනිය හැකි නොවුනි සිය සිතුම්  පොදි  හද රැදුන...
විඩා බව දෙනෙත රැඳි  අදිටනින් දිවි ගෙවුන.
ඔබෙ රුව මතකමය සදා අප මනැස් තුළ. .

පුතේ නුඹ ඉගෙන ගන් නුඹේ ලොව ජයගන්න.
නැතේ ලොව කිසිකෙනෙකු නුඹට ආදරෙ කරන.
මමයි නුඹ වැදූ මව නුඹට පිහිටට සිටින.
මගේ ලොව මල් පිපෙන එකම බලාපොරොත්තුව නුඹය.

නැතේ මට අමතකව එදා කිවු වදන ඔබ.
…සිතේ ඇත ගල කෙටු අකුරු මෙන් තැන්පත්ව.
…කෙසේ මම පවසම් ද ඉටුකරමි ඔබ  පැතුම.
…නැතේ අද මගේ ලඟ රත්තරන් මවු තුමිය.......

No comments:

Post a Comment