මම මේ කවි ටික ලියලා තියෙන්නෙ පොඩි පන්ති වල ඉන්න කාලෙ. මට මේක ලැබුනෙ පරන කොල ගොඩක තිබිල.
ඉදුනු රන්වන් රුවන් මෙන් දිසි පිරුණු ඵල ඇති රුක්ය බෝසේ .
රක්ත වර්ණෙන් පිපී සැදි ගත් ගස්ය එරබදු මල් සිනාසේ.
දක්වවන්නට පැමිණි බව සුභ අළුත් වසරක් ලොවට පෑසේ.
අත්ත උඩ සිට නගා හඬ දී චූටි කොවුලෙක් මට සිනාසේ.
දොංත තරිකිට දොංත දොං දොං උඩහ වත්තේ රබන් නාදෙ.
චටං පට ඩොං චටං පට ඩොං රතිඤ්ඤා හඬ අවට රැවුදේ.
පංච කෙළිනා සමහරක් දෙන අය තියන්නට එතැන වාදේ.
කියන් වාරං රුකුල් දීලා ලියන් ඔන්චිල්ලාව පැද්දේ.
අටවක සඳ මෙන් දිලෙනා රඹ කැන නිවසේ මුල්ලක රුවට දිලෙන්නා.
දෙතොළ තෙමමින් කැවුම් කිරිබත් රසට ඉදෙමින් සුවඳ දුන්නා.
නැන්දා මාමළා අයියා අක්කලා සියළු ඥාතීන් ගමෙ ඉන්නා.
කෑම බීමද තෑගි බෝගද අපෙ නිවසට රැඟෙන එන්නා.
සෑම වරකම වැනිම මෙවරත් නැකැත් දවසට පෙර දිනෙදා.
ගමේ තොටුපොල අසල වැල්ලේ කතුරු ඔන්චිල්ලාව බැන්දා.
කුඩා වැඩිහිටි සියලු දෙනගේ සතුට සැනසුම සිතට කැන්දා.
පැමිණි බව පවසයි ඇතැම් දෙන අලුත් අවුරුදු කුමරි හන්දා.
No comments:
Post a Comment